adef download

ඔස්ට්‍රේලියාවේ COVID ව්‍යාප්තිය යළි ඉහළට

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ, කොවිඩ් – 19 ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබේ.

ඒ, සමාජ සම්ප්‍රේෂණ තුළින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔස්ට්‍රේලියානූ බලධාරීහු පවසන්නේ, නිවාස තුළ නිරෝධායනට ලක් කළ නොහැකි ආසාදිතයින් නිරෝධායනයට ලක්කරන, ඇඩිලේඩ් නගරයේ හෝටලයක් තුළින් වෛරසය සමාජගත වී ඇති බවයි.

අදාළ හෝටලය කොවිඩ් – 19 නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වේ.

මේ අතර මේ වනවිට එහි පාසල්, කඩ සාප්පු වසා දමා තිබේ.

ඔස්ට්‍රේලියාව කොවිඩ් 19 ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ රටක් ලෙස නම් කිරීමත් සමග එරට පනවා තිබූ දැඩි සීමා පසුගිය දා ලිහිල් කෙරිණ.

එවැනි පසුබිමක් තුළ යළිත් සමාජ ව්‍යාප්තිය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියානූ ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 13 ඉක්මවා තිබේ.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment