bee unnamed

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

කොරෝනා දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමග පෞද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි විමර්ශනය කරන බවයි.

ලැබුණු පැමිණිලි අතර වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු රැසක් ද වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ, වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment